gossip lanka

‘ජනවාරි 08ට කලින් මං කිවුව සේරම බොරු..’- රන්ජන් මාධ්‍ය කැදවා ජනපති මෛත‍්‍රී දරුණු උපහාසයකට ලක් කරයි

මේ දිනවල සාකච්චා වෙමින් ඇතැයි කියන මෛත‍්‍රී-මහින්ද සභාග ආණ්ඩුව හැදෙන තුරු තමන් ආසාවෙන් බලන් සිටින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එම නව ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාද වේදිකාවේ තබාගෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සභාවක් අමතනු බැලීමට තමන් මෙසේ ආසාවෙන් සිටින බවද ඔහු සදහන් කරයි.

එවන් වේදිකාවකදී ජනාධිපති මෛත‍්‍රී විසින් සිදු කරනු ඇතැයි උපකල්පිත කතාවක අනුකරණයක්ද නියෝජ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කලේය.

කොලඹ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ කියා සිටියේය.