රනිල් රකින සටනින් විජේදාස-රවි Missing.. පළුවක් ගලවාගෙන මහින්දට එක්වන බවට වාර්තා වේ

ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය දේශපාලන ජීවිතයේ අතිව තිබෙන අසීරුම තත්වයේදී ඔහු වෙනුවෙන් සියලු එජාප මන්ත්‍රීවරුන් සැලකිය යුතු මට්ටමකින් පෙනී නොසිටීම ගැන එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන ඇත.

විශේෂයෙන්ම හිටපු ඇමතිවරුන් වන රවි කරුණානායක මහතා සහ
විජේදාස රාජපක්ෂ මහතාද මෙම තත්ත්වයේදී දැඩිලෙස මුනිවත රැකීම හේතුවෙන් එජාප මන්ත‍්‍රී කණ්ජඩායම දැඩි වික්ෂිප්ත භාවයට පත්ව සිටී.

ඇතැම් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රවි කරුණානායක මහතා එජාප මන්ත්‍රීන් විශාල පිරිසක් සමඟ නව ආණ්ඩුවට වෙනත් කණ්ඩායමක් ලෙස සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බවයි.

විජයදාස රාජපක්ෂ මහතා ද මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වනු ඇති බවට තහවුරු නොකළ වාර්තා සඳහන් කරයි.

මේ දිනවල අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින එජාප මන්ත්‍රීවරුන් සිය පාක්ෂිකයන්ට ආණ්ඩුව රැක ගැනීමට එන්නැයි ආරාධනා කිරීම දිගින් දිගටම කළ ද මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනා කිසිදු සාධනීය මැදිහත්වීමක් ඒ සම්බන්ධයෙන් නොකිරීම නිසා එජාප මන්ත‍්‍රී කණ්ඩායම තැතිගන්මකින් සිටින්නේ යයිද සදහන්ය.

රනිල් රැුකගන්න අරලිගහ මන්දිරයට එන්නැයි පාක්‍ෂිකයන්ට දිවා රැයේ ආරධනා කලද එහි මංගල උත්සව ශාලවෙන් අඩක් හෝ පිරෙන්නට ජනතාව නොපැමිණීම ගැනද මන්ත‍්‍රී පිරිස විස්සෝපයෙන් සිටිතැයිද මේ අතර දැනගන්නට ඇත.