බැදුම්කර හොරා මා නොවේ.. මහ බැංකුව තිබුනේ අගමැතිටයි.. තවත් හොරු බොහෝයි.. බැදුම්කර සම්පුර්ණ වාර්තාව හෙලි කරනු..- රවි අවසන් මහ සටන කැදවයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද විවාදය කෙනෙකු දෙන්නෙකු ඉලක්ක කර එක්තරා ස්ථානයකදී නැවතී ගිය බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු
මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

හෙළිදරව් වූවාට වඩා බොහෝ පිරිස් මෙහි සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද මෙය හෙළිදරව් නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

බැඳුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කතානායකයා විසින් කරන ලද අසාධාරණයක් බවද ඔහු චෝදනා කර සිටියේය.

අදාල කාලයේදී තමන් යටතේ මහබැංකුව නොතිබූ බවත් එහි විෂය භාර ඇමැතිවරයා වුයේද තමන් නොවන බවත් කී ඔහු තමන්ට සිදුව ඇත්තේ මහත් අසාධාරණයක් යැයි ද අවධාරණය කළේය.

මෙම වාර්තාව මුල් කරගෙන අද වනතුරු තමනට හිරිහැර කිරීම පමණක් සිදු කරන බව ද මෙම විවාදය හැකි ඉක්මනින් පැවැත් විය යුතු බවත් එය නොපවත්වන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම වංචාව සිදුවූ කාලයේදී මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ වන අතර එය මුදල් අමාත්‍යංශයට පවරන ලද්දේ මෑතකදීය.

gossip lanka