හැකිනම් ඡන්ද තුනක් ගන්න - SFගෙන් මර්වින්ට අභියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉදිරි ජනපතිවරණයට එළැඹෙයි නම් ඔහුට හැකිනම් ඡන්ද තුනක් ලබාගෙන පෙන්වන ලෙස අභියෝග කරන බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අභියෝග කළේය. පෑලියගොඩදී මාධ්‍යයට අදහස්  දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“එයා (මර්වින් සිල්වා) ආවොතින් මම අභියෝගයක් කරනවා ඡන්ද තුනක්
අරන් පෙන්වන්න. මම හිතන්නේ නෑ එයාට ගෙදර තියෙන ඡන්ද තුනවත් ලැබෙයි කියලා. එක ඡන්දයකින් බෑ ජනපති වෙන්න. එහෙම හිතනවානම් පිස්සන් කොටුවේ තමයි දාන්න වෙන්නේ.”

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපෙක්ෂකයා විය යුත්තේ පක්ෂ නායකයා බවත් උතුරු හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජාතිවාදී ගමනක් යන බවත් අමාත්‍යවරයා පැවැසීය.

"එක්සත් ජාතික පක්ෂයේ  ජනපති අපේක්ෂකයා විය යුත්තේ පක්ෂ නායකතුමා. එහෙම නැන්තම් එතුමා තීරණය කරන්න ඕන ඒ වෙනුවෙනට වෙන කවුරුහරි ඉල්ලනවද කියලා.

විග්නේෂ්වරන් මට පේන විදිහට ජාතිවාදය අවුස්සන්න උත්සාහ දරණවා. විග්නේෂ්වරන් යන ගමනට මගෙන් නම් ආශීර්වාදයක් ලැබෙන්නේ නෑ."