වෙල්ගම හදිස්සියේම මේ නටන නාඩගම ජනතාවට වගේම අපිටත් ලොකු ප්‍රශ්ණයක්..- ෂෙහාන් සේමසිංහ

අපේ රටේ ජනතාව වැඩිපුරම කලකිරුණු ආණඩුව වර්තමාන ආණ්ඩුව බවත් ආණඩුවක් හදන්න මන්ත්‍රීවරුන් කරන කැපකිරීම්වලට වඩා ජනාතාව ලොකු කැපවීම් කරන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

අනුරාධපුර විජේපුර ප්‍රදේශයේදී පසුගියදා පැවති පාක්ෂිකයන් දැනුවත්
කිරීමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"පසුගිය මැතිවරණයෙන් අපි විශාල ජයග්‍රහණයක් කළේ අපි සියලු දෙනාම කණ්ඩායමක් හැටියට කටයුතු කිරීම නිසයි. ඉතිං අන්න ඒ අපේ එකමුතුකම වෙල්ගම ඇමතිතුමා බිඳින්න උත්සාහ කරනවද කියල අපිටත් සැකයක් තියෙනවා. මොකක්ද මේ හදිස්සියේම එතුමා නටන නාඩගම කියල ජනතාවට වගේම අපිටත් ලොකු ගැලුවක් තියෙනවා.

කිසිම සැකයක් හිතන්න එපා ජනතාව ඉල්ලන්නෙ මහින්ද රාජපක්ෂ කඳවුර විසින් පාලනය කරන ආණ්ඩුවක්. ඒ වගේම වෙල්ගම ඇමතිතුමා ගිය ජනවාරි 9 වැනිදා රාජපක්ෂ කඳවුරේ නැවතුණා කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. හැබැයි එතුමා ඒ කඳවුරේ නැවතිලා මහින්ද රාජපක්ෂ මහත්තයව එතුමගෙ ග්‍රහණයට හසු කරගන්න උත්සාහ කරනවනම්  ඒකට අපි කවුරුත් ඉඩදිය නෑ