මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු
මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි.