gossip lanka

ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විය යුත්තේ බැසිල් රාජපක්‍ෂයි..- ගෝටාභය කියයි..(video)

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තමන් යෝජනා කරන්නේ නම් යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ නම බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වූයේ ඔහුව ඉදිරියට ගැනීමට දැයි මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ
සහෝදරයන් අතර ගැටුම් ඇතිකිරීම සඳහා ඇතැමුන් කටයුතු කරන බවත් එය සාර්ථක නොවන බවත්ය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් ප‍්‍රකාශ කර නැති බව ද ඔහු සදහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවති නඩු විභාගයට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමිනි.

සාකච්ඡා වෙමින් ඇති භාරකාර ආණ්ඩුව ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ අද වන විට රට වැටී ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මුදා ගැනීම විපක්ෂයේ වගකීම බවත් එය කරන ආකාරය ගැන තමන්ට අදහස් පළ කළ නොහැකි බවත්ය.