gossip lanka

ක්‍රීඩකයන් සමග ඩීල් දමා තරග පවා දීමට පෙළඹවූ ක්‍රිකට් නිළධාරීන්ට වැඩ වරදියි - අයි.සී.සී දූෂණ මර්ධන කණ්ඩායම ක්‍රිකට් නිළධාරීන්ද පරීක්ෂා කරයි!

ලොව දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට ශ්‍රී ලංකාව බවට පසුගියදා අන්තර් ජාතික ක්‍රිකට්‍ කවුන්සලයෙන් චෝදනා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ තරග පවා දෙන ක්‍රීඩකයන් සහ නිළධාරීන් අඩපණ කිරීමට අයි.සී.සී දූෂණ විමර්ෂණ ඒකකය මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙහෙයුමකි. මේ වනවිට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශණ ඒකකය විසින් ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලියේදී සේවය සඳහා යොදවා ඇති
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ සේවකයන්ගේ තොරතුරු පරීක්‍ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වේ.

සති දෙකක පමණ කාලයක සිට ශ‍්‍රී ලංකාවේ රැදි සිටින ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන නිලධාරීන් මේ දිනවල දඹුල්ලේ නවාතැන් ගනිමින් සිය රාජකාරිය කරගෙන යනු ලබන අතර එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සේවයට යොදවා ඇති සියලූම නිලධාරීන් සහ සේවකයන්ගේ දත්ත පරීක්‍ෂාවට ලක් කරමින් ඔවුන් සතුව ඇති තොරතුරු සනාථ කර ගැනීමේ වැඩසටහනක් දියත් කර තිබේ.

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් යොදවා ඇති සේවකයන් කරන්නේ කුමන රාජකාරියක්ද සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරුද සොයා බලමින් සිටින අතර ඉන් අනතුරුව ඔවුන්ට සැක සහිත නිලධාරීන් සහ සේවකයන් පරීක්‍ෂාවට ලක් කිරීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරගාවලියකදී සත්කාරකත්වය දරන රාජ්‍යයේ ක‍්‍රිකට් ආයතනය විසින් සේවය සඳහා යොදවනු ලබන වගකීමක් සහිත නිලධාරීන්ට සහ සේවකයන්ට තරග පාවාදීම්වලට සෘජුව සහ වක‍්‍රව සම්බන්ධවීමේ හැකියාව ඇති බව අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකය විසින් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ දත්ත ඔවුන්ට ලැබී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණයක් පැවැත්වීමට මේ තරගාවලිය අතරතුරදී සිදුකරනු ලබයි.

මෙම පුද්ගලයන්ට ක්‍රීඩකයන් සහ බුකිකරුවන් සම්බන්ධීකරණය කිරීම සිදු කළ හැකි බව කියවේ. එම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පත් කළ මෙම නිළධාරීන් පිළිබදවද දූෂණ විමර්ෂණ කණ්ඩායම පරීක්ෂණ කරමින් සිටියි.

වාර්තාවන පරිදි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඉදිරි දින කිහිපයේදී තවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සහ තණතිලි සකසන්නන් සමග ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබේ. මීට අමතරව බුකී කරුවන් යැයි හඳුනාගත හැකි පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවට ඔවුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයටද උපදෙස් දී තිබේ.