gossip lanka

ICC නිළධාරීන් හදිස්සියේ කන්ඩළම හෝටලය වටලයි - ශ්‍රීලංකා ක්‍රීඩකයන්ගේ සියලු ජංගම දුරකථන පරීක්ෂාවට!

අයි සී සී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (08) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන්ගෙන සිටින දඹුල්ල කන්ඩලම හෝටලයට පැමිණ එහි සිටි  ක්‍රීඩකයින්ගේ ජංගම දුරකතන පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත පළමු එක්දින
තරගය ලබන බදාදා (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

මේ දිනවල පැවැත්වෙන පුහුණුවීම් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලට පැමිණ සිටියි.

මේ අතර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා (Head of Provincial Coaches) ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් අද (08) ප්‍රශ්න කර තිබෙනවා. ඒ තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ඔහු ක්‍රිකට් ආයතනයේ සිටි අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ ඔහු ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රරිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද ක්‍රිකට් ආයතනයට පැමිණ ඇති බවයිවාර්තා වන්නේ.

මීට පෙර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගෙන්ද තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.