gossip lanka

ආසියානු කුසලානයේ තරගය අතරතුර වමත් කසකරුවා වැසිකිලියට ගිහින් - තරග පාවාදීමක්දැයි සැකයක්, ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම පාවාදීමේ සිදුවීම!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ තරග පාවාදීමේ සිදුවීම් පිළිබදව දැඩි කතාබහක් ඇතිව තිබේ. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විමර්ෂණ කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවට පැමිණ තරග පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිබදව පරීක්ෂණ පවත්වමින් සිටියි. මේ වනවිට ලොව දූෂිතම පරිපාලකයන්ගෙන් සහ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට්
කවුන්සලයද පවසයි.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු පිළිබදව තරග පාවාදීමේ සැකයක් නැවතත් මතුව තිබේ. ඒ පසුගිය ආසියානු කුසලානයේ සිදුවූ සිදුවීමකිනි. මෙම ක්‍රීඩකයා ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීම අරඹා දැන් මැදපෙලට තල්ලු වි ඇති ක්‍රීඩකයෙකි. මෙම වමත් පිතිකරුවාගේ පිතිහරඹය අතීතයේ කණ්ඩායමේ සිටි ලෝක පූජිත වමත් පිතිකරුවෙකුගේ පිතිහරඹයට බොහෝ සෙයින් සමාන යැයි විචාරකයන් සහ රසිකයන් හදුන්වති.

ආසියානු කුසලාන තරගමාලාවේ දෙවෙනි තරගයේදී කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ මෙම ක්‍රීඩකයා නොම්මර තුන ස්ථානයට පිතිකරණයේ යෙදවීමටයි. කෙසේ වෙතත් ආරම්භක පිතිකරු යුවළ කඩුල්ලට ගිය සැණින් මෙම වමත් පිතිකරුවා වැසිකිලියට ගොස් තිබේ. ඉන්පසුව පළමු කඩුල්ල බිඳ වැටුනු පසු පිටියට යාමට සිදුව ඇත්තේ වෙනත් ක්‍රීඩකයෙක්ටය,

මෙම සිදුවීම තරග පාවාදීමක් යැයි චෝදනා එල්ල වී තිබෙන අතර මෙම සිදුවීම පිළිබදවද පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙනවා. ඒ මෙම තරගයේ නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයා තමන්ට නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩා කරන ලෙසට තරගය ආරම්භ වීමටත් පෙර සිටම උපදෙස් දී ඇති බවට සාක්ෂී දීමත් සමගයි. එසේ නම් මෙය සැලසුම් කළ ක්‍රියවක් විය යුතු බව සාක්ෂි ලැබී තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසකට තරග පාවා දීමේ චෝදනා එල්ල වී ඇති අතර වහාම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වත්කම් විගනනය කළ යුතු බවට සමාජජාලා වල ක්‍රිකට් රසිකයන් අදහස් දක්වා තිබුනි.