මහින්දට හෝ රනිල්ට ඡන්දය නොදිය යුතුයි..- දෙමල සන්ධාන යාපනයේ මාධ්‍ය හමුවක..

නව ආණ්ඩුවක් පිහිටුවීමට පැවති ආණ්ඩුව රැක ගැනීමට හෝ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේදී කිසිවෙකුටත් සහාය ලබා නොදීමේ ප්‍රතිපත්තිය මත කටයුතු කල යුතු යයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සඳහන් කරයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විශේෂ
මාධ්‍ය හමුවක් යාපනයේදී කැඳවමින් කියා සිටියේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දී නැති නිසා කිසිවකුට හෝ පක්ෂව ඡන්දය ලබා නොදිය යුතු බවයි.

එමෙන්ම යාපනය ඇතුළු උතුරු පළාතේ දෙමළ ජනතාව එක හඬින් කියා සිටින්නේ කිසිදු පාර්ශ්වයක් තම ගැටළුවට විසඳුමක් නුදුන් නිසා කිසිවකුට සහාය නොදිය යුතු මතය බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.