බහුතරය පෙන්නුවත් අගමැතිකම දෙන්නේ නැ ! - ගම්මන්පිලගෙන් අමුතු කතාවක් :

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට යළි අගමැති ධුරය හිමි නොවන බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාධ්‍යවේදීන් ඊයේ(29) දිනයේ කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්
මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

''පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බහුතරය පෙන්වීමේ හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා පත් කළ අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව තියෙන්නේ ජනාධිපතිවරයාට එසේත් නැත්නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා වැඩි ජන්දයෙන් සම්මත කර ගන්න ඕනේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සදහන් වෙලා නැහැ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා කියලා අගමැතිධුරය ලබා ගන්න පුළුවන් කියලා'' මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.