එජාපයේ ලියවිල්ලට මන්ත්‍රී අත්සන් 126ක්..! කථානායකගෙන් කළ ඉල්ලීම මෙන්න

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා මන්ත්‍රීවරු 126 දෙනෙකුගෙන යුතු ලියවිල්ලක් එක්සත් ජාතික පක්ෂය විසින් කථානායකවරයාට භාරදී තිබෙනවා.

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ
බව සඳහන් කර තිබෙනවා

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 126 දෙනෙකු අත්සන් කරන ලද ලියවිල්ලක් අප අද කථානායකතුමන්ට බාරදෙනු ලැබුවා. එම ලියවිල්ල මගින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථානුකූලව මෙම දේශපාලන අර්බුදය විසඳන ලෙසයි. ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස මා ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට පැමිණ රටේ සාමය, ස්ථාවරභාවය හා ජනතාවගේ ස්වාධිපත්‍ය ආරක්ෂා කර දෙන ලෙසයි. මා බලාපොරොත්තු වනුයේ කථානායකතුමා විසින් එතුමන්ගේ බලතල භාවිතා කොට හෙට හෝ අනිද්දා දින පාර්ලිමේන්තුව කැඳවන ලෙසටයි යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාහයක්ද සිදුකළා එහිදීද ඔහු සඳහන් කළේ ව්‍යවස්ථා විරෝධි වැඩිපිලිවෙලක් සිදුවූ බවත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා  ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ලෙසත්ය.


gossip lanka