සන්ධානය හවුල් ආණ්ඩුවෙන් ඉවත් වේ.. අලුත් අගමැතිවරයෙක් සමගින් අලුත් ආණ්ඩුවක්..

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවා තිබෙන ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා මේ බව තහවුරු කළේය. කතානායක කරු ජයසූරිය වෙත මෙම තීරණය ලිඛිතව දැනුම් දුන් බවද ඔහු සදහන් කලේය.

ඒ අනුව අගමැතිවරයා ඇතුළු කැබිනට් ඇමති මණ්ඩලය අහෝසි වනු ඇත.

ඉන් පසු නව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි පුද්ගලයෙකු අගමැති කරමින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.