ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය පිලිබදව දිගින් දිගටම තම අවධානය යොමුවී ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ප්‍රචණ්ඩත්වයෙන් සහ බියවැද්දීම් වලින් වැලකි සිටින ලෙස අමෙරිකාව
සියළු පාර්ශව වලින් ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ව්‍යවස්ථාවට අනුව කථානායකවරයා සමග සාකච්ජා කොට පාර්ලිමේන්තුව නැවත කැඳවීමටත්, ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ මහජන නියෝජිතයින්ගේ වගකීමට අනුව ඔවුන්ගේ ආණ්ඩුවට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න පිලිබදව තෝරා ගැනීමට අවශ්‍ය ඉඩ සලසා දෙන ලෙසත් අමෙරිකානු රජය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පාර්ලිමේන්තුව යළි කැදවන්න: අමෙරිකාව ජනපති ගෙන් ඉල්ලයි
2018-10-28T22:41:00-07:00
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
Hot News|