වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ රනිල් අතහරී… මහින්දට සහය දෙයි…

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය සහාය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණයට තමන් සහාය
පළ කරන බවත් තමන් මුතුන් මිත්තන් විසින් ආරම්භ කළ පක්ෂය වත්මන් නායකයා විසින් ගැටලුවකට පත් කළ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ  අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනන්ද අලුත්ගමගේ මහතාට නව අගමැතිවරයට සහය දීමට තීරණය කර තිබේ. ඔහු ඊයේ රාත්‍රි යේදී ම නව අගමැති මහින්ද රාජපක්ෂ  මහතා හමුවී සහය පල කළේය.

gossip lanka