බාරකාර ආණ්ඩුව සූදානම්.. දේශපාලන විපර්යාසයක් එනවා.. මෛත‍්‍රී-මහින්ද එකග වුණා..- වාසු

ඉදිරි සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ විශාල විපර්යාසයක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මෙම කාලය තුල මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

සුගියදා මහින්ද-මෛත්‍රී හමුව සිදුවූයේ තමාගේද මැදිහත්වීමෙන් බවත්
එහිදී මේ පිළිබඳව ඇතිවූ එකඟතාවයට ජනාධිපතිවරයා ගේ කිසිදු විරුද්දත්ත්වයක් ඇති නොවූ බවද ඔහු සඳහන් කරයි.

භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බව ද ඒ සදහා සියලු පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඔහු කියයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ බොරැල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.