රනිල් ඇතුළු පිරිසට අන්තිම කල් දෙයි.. අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවුනොත් බලෙන් ඉවත් කෙරේ.

අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 වන තෙක් කල් දෙන බවත් ඒ කාලය තුළ ඔහු එතනින් බැහැර නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කර ඔහු එතැනින් ඉවත් කරවීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු
මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරු 8.00 වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබුණත් ඔහු ඉවත් නොවී තවදුරටත් බල පෙරේතකමට එහි රැඳී සිටින බවද කීය.

පාර්ලිමේන්තුවේ බහුතරය මේ වනවිටත් සහතික කරගෙන ඇති නිසා තවදුරටත් විහිළු සපයන්න වහාම ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

හෙට පෙරවරුව වන විට ඉවත් නොවන්නේ නම් එම කණ්ඩායමට යොදවා සිටින අතිරේක ප‍්‍රභූ ආරක්‍ෂකයන් ඉවත් කරනු ඇතැයිද නියමිත ආරක්‍ෂාව පමණක් ලබා දෙනු ඇතැයිද පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.