gossip lanka

ජනපති ඉල්ලා අස්වුවොත් අනුප‍්‍රාප්තිකයකු ගේනවා - එජාප මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා

සිය නියමිත ධුර කාලයට පෙර ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව අනුප‍්‍රාප්තිකයකු පත් කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී.
පෙරේරා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති ධුරයට පත් වුවහොත් සිය ධුරයෙන්a ඉල්ලා අස්‌ වන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ වසර 5 ක කාලයකට බවත්, නියමිත කාලයට පෙර සිය ධුරය අත්හැරීම ඒ මහතාගේ තීරණයක්‌ බවත්, අජිත්a පී. පෙරේරා මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වුවහොත් ඒ වෙනුවට අනුප්‍රාප්තිකයා වශයෙන් පත් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එසේත් නොමැති නම් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවේදී පවත්වන ඡන්දයකින් ඒ පිළිබඳව අවසන් තීරණයක්‌ ගත හැකි බවත් අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

- දිවයින