gossip lanka

ජනපතිගේ ජීවිතය අනතුරේ - අපි ආරක්ෂාව තහවුරු කරනවා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා ලෙසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව ජනපතිවරයා හොඳින්ම දන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ
කළේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන බවත් ඔහු සඳහන් කළේය.

"2019 වසරේ ජනවාරි 08 දායින් පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.