gossip lanka

තාමත් අගමැති රනිල්.. අපි අරලිගහ මන්දිරයෙන් යන්නෙම නෑ..- අකිල

තව දුරටත් මෙරට අගමැතිවරයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එනිසා තව දුරටත් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ රැදී
සිටින බවත් ඔහු කියා සිටී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීම ව්‍යවස්තා විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.