gossip lanka

රවී - මහින්ද හමුවී සාකච්ඡා කළ දේ ගැන අතරමැදියා වූ එජාපයෙන් ආ නියෝජ්‍ය ඇමති හෙළි කරයි

මනූෂ නනායක්කාර මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මන්තී‍්‍රවරුන් මුල සිටම සැක පළ කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලූත්ගමගේ පවසනවා. නියෝජ්‍ය අමාත්‍යධූරයන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට මනූෂ නානායක්කාර මන්තී‍්‍රවරයා ගත් තීරණය
සම්බන්ධයෙන්  අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ රජයේ දිවුරුම් දී ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙය සිදු වූ බවයි.

ඒක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට සහය දැක්වීමට සූදානමින් සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. පාර්ලිමේන්තු මන්ති‍්‍ර රවි කරුණානායක, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ආකාරය සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලූත්ගමගේ මෙහිදී තොරතුරු අනාවරණ කළා.

එහිදී "රවී කරුණානායක පාර්ලිමේන්තු මන්ත්‍රිතුමාව මම 10.15ට අරන් ගියේ.. පැයකුත් විනාඩි 15ක් කතා කළා අපේ අගමැතිතුමා එක්ක. රහසිගතව හම්බවෙන්න ඕනේ කියපු නිසා ජිම් එකේදි තමයි හම්බවුණේ.  එකතොට අගමැතිතුමා දීපු උත්තරය තමයි.."මම පොඩ්ඩක් කල්පනා කරලා උත්තරයක් දෙන්නම්..ආපු එකට ගොඩාක් සතුටුයි" කියලා. ඊට පස්සේ කතා කරලා කිව්වා.. මේ වැඩේ කරන්න බෑ.. මේ කටයුත්ත අපේ පක්ෂයට ප්‍රශ්නයක් වෙයි කියලා. " යනුවෙන් සඳහන් කළා.


මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ආණ්ඩුවට මන්තී‍්‍රවරුන් 113ක බහුතරයක් ඇත්නම් වහාම පාර්ලිමේන්තුව කැඳවා එම බලය පෙන්වන ලෙස අභියෝග කරන බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වී තමන් සමග එක්වන පිරිස ගැන මේ මොහොතේ හෙළි කළ නොහැකි බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.