"අර්ජුන මහේන්ද්‍රන් කොහේ හිටියත් අල්ලනවා" ඉන්ටර්පෝල් ලංකාවට දන්වයි

මහ බැංකු වංචාව පිළිබඳව සැක කාලයක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සිටි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට රැුගෙන ඒමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පොලිසියේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය විය.

අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව ජාත්‍යන්තර මට්‌ටමෙන් සියලුම
ගුවන්තොටුපළවලට දැනුම්දීම නිසා ඔහුට රටින් රටට පැන යැමට නොහැකි අයුරින් ආරක්‍ෂක කටයුතු පුළුල් කර ඇති අතර අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ වගකීම ජාත්‍යන්තර පොලිසිය භාරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග හෙළි කළේය.

"අර්ජුන මහේන්ද්‍රන් කොහේ හිටියත් අල්ලනවා" යෑයි ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇත.

ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් රතු නිවේදන ද නිකුත් කර ඇති අතර ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතාගෙන් මේ පිළිබඳව ඊයේ අප කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගන්නා බවයි.

- දිවයින