gossip lanka

රාජ්‍ය දේපළ අවභාවිත කළැයි රනිල්ට එරෙහිව 'බොදු බලය' FCID යයි

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවී සිටීම, රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමක් බව සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානය විසින් අද (02දා) රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ
කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව මත රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමට එසේ පැමිණිලි කිරීමෙන් බලාපොරොත්තු වෙයි.

- මවුබිම