gossip lanka

පාර්ලිමේන්තුව කල් දැමීමෙන් කමිටු 12ක් අහෝසියි !

පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා 12 ක් අහෝසි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.


ජනාධිපතිවරයා විසින් මීට පෙරද අටවන පාර්ලිමේන්තුවේ පළමු
සැසිවාරය අවසන් කළ අතර ඒ අවස්ථාවේදීද පාර්ලිමේන්තු කාරක සභා 12 ක කටයුතු අවසන් විය.

රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, ගෘහ කාරක සභාව, අමාත්‍යංශීය උපදේශක කාරක සභා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව,වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, මුදල් කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 12 ක කටයුතු මෙසේ අවසන් වන බව පැවසේ.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරුණද අංශික අධීක්ෂණ කමිටු, උසස් නිලතල පිළිබඳ කාරක සභාව හා තේරීම් කාරක සභාවන්ට තවදුරටත් ක්‍රියාත්මක වීමට අලූ‍ත් ස්ථාවර නියෝග ප්‍රතිපාදනයන් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු මෙම කාරක සභා සඳහා සභාපතිවරු හා සාමාජිකයන් පත්කර ගැනීමට සිදුව තිබේ.