gossip lanka

බහුතරය පෙන්වා චම්පික අමාත්‍යංශයේ බලය තහවුරු කර ගනී !

පාර්ලිමේන්තුවේ බහුතර බලය ප්‍රදර්ශනය කිරීමත් සමග අමාත්‍ය චම්පික රණවක මහතා යලි සිය අමාත්‍යංශයට ගොස් රාජකාරි කටයුතු ආරම්භකල බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා පැවසිය.

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මන්ත්‍රී 118ක් අත්සන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. මෙම
යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සම්මත කර තිබේ.

අමාත්‍යංශයට ගිය චම්පික රණවක අමාත්‍යවරයා, අමාත්‍යංශයේ ලේකම් හා අතිරේක ලේකම්වරුන් කැඳවා සිය අමාත්‍යංශයේ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව කරගෙන යාමට උපදෙස් දී ඇත.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානය ඉවතට

මේ අතර මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදය නිසා යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් තාවකාලිකව ඉවත්වන බවට ජපන් රජය දැනුම්දී ඇතැයි සඳහන් කර ඇත. මෙම ව්‍යාපෘතියේ මුලික අදියර සඳහා ජපන් රජය වෙන්කර තිබු මුදල ඩොලර් බිලියන් 1.4කි.

මේවනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ඇති බැවින් එම ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් යලි රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් ලබාගැනීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.