gossip lanka

උත්සහය අසාර්ථක වූ නිසා චන්ද්‍රිකා කෝප වෙයි - අලූත් ආණ්ඩුව කෙසේ හෝ පන්නන බව කියයි

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුවෙන් පසු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමීප දේශපාලකයන්ට හා හිතවතුනට අමතමින් පංච නින්දාවෙන් බැණ වදිමින් සිටින බව වාර්ථා වෙයි.

ජනාධිපතිවරයාටත් හිටපු ජනාධිපතිවරයාට ඉතා පරුෂ වචනයෙන් බනින දෙමින් ඇය සඳහන් කරමින් සිටින්නේ මෙම ආණ්ඩුව ඉතා ඉක්මනින් බිඳහෙලන බවයි.

ඒ සඳහා ඔවුන් යකෙක් සමග එකතු වීමට තමන් නොබිය බව ද ඇය සඳහන් කරන්නීය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කීපදෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරවීමට ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම බිද වැටීම නිසා ඇය තවදුරටත් කෝපාවිෂ්ට වී ඇතැයි වාර්තා වෙයි.

මේ හේතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දේශපාලඥයන් පාහේ හිටපු ජනාධිපතිනියගේ දුරකථනයට ප‍්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමේ තීරණයකට එළඹ ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.

-lankacnews