පොහොට්ටු පක්‍ෂය ශ‍්‍රීලනිපය යට කරලා.. මං ශ‍්‍රීලනිපය ගොඩ ගන්නවා..

ශ‍්‍රීලනිපය අතහැර කවුරුන් කුමන පක්‍ෂයට ගියත් තමන් පක්‍ෂය අත් නොහරින බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

ජනවාරි 08 දා පරාජය කර දැමූ ජනතා ද්‍රෝහීන් සමගින් එක්ව ශ‍්‍රීලනිපය
යට කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින්නේ යයිද ඇය කියා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කරන්නේ අද ශ‍්‍රීලනිප කොටස් පොහොට්ටු පක්ෂයට එක්වීමෙන් ශ‍්‍රීලනිපය යටපත් කිරීමට උත්සාහයක් පවතින බවයි.

වැටී තිබෙන ශ‍්‍රීලනිපය තමන් නැවතත් ජයග්‍රාහී මාවතට ගොඩනගන බවත ඇය තව දුරටත් එම නිවේදනය මගින් කියා සිටී.