ජනාධිපතිවරයාගේ නියමයට අනුව විශ්වාස භංගය සම්මතයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ කතානායකවරයාට හා පක්ෂ නායකයින්ට දුන් උපදෙස් අනුව අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල යෝජනාව සම්මතවූ බව කතානායක වරයා නිවේදනය කර සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ මුලිකත්වයෙන් 14 දා පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර යළිත් වරක් අද දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට ඊයේ සවස දැනුම් දී තිබිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද දිනයේදී යළිත් වරක් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසිය.


gossip lanka