"පාර්ලිමේන්තුව විසුරවීම හරිද, වැරදිද ?" රටම බලා සිටින නඩුව අදත් කැඳවේ, තීරණය කුමක් වේවිද ?

රටේම අවදානයට ලක්ව තිබෙනා ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම දෙවන දිනටත් අද දිනයේ (13) සිදුවීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුු කෙරුණු පෙත්සම් මෙලෙසින් යළි විභාගයට ගැනීමට නියමිතය. රජය වෙනුවෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම මෙහිදී සිදු කීරීමට නියමිතයි.

දේශපාලන පක්ෂ කිහිපයක්, සිවිල් සංවිධාන සහ තනි පුද්ගලයින් විසින් මෙම පෙත්සම් ගොණුු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, දෙමළ ජාතික සන්ධානය සහ සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය පෙත්සම් ගොණු කර ඇති පාර්ශ්ව කිහිපයක්.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය, නීතිඥ අරුණ ලක්සිරි සහ නීතිඥ ලාල් විජේනායක ද මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ද පෙත්සම් ගොනු කර තිබෙනවා.

මෙම සියලූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණේ ඊයේ (12) දිනයේයි. හදිසි කරුණක් ලෙස සලකා ඒවා ඊයේ දිනයේම විභාගයට ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව ඊයේ සිදු කෙරුණේ පෙත්සම්කාර පාර්ශ්වවල කරුණු දැක්වීමයි.

අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙනවා.