gossip lanka

අර්බුදය තවත් දිග් ගැසෙන ලකුණු - විවාදය දින ගණනක් !

මහින්ද රාජපක්ෂ මහතා එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දින යොදා සැලකිය යුතු දින ගණනක් විවාද කිරීමෙන් පසු ඡන්ද විමසීමට ඒකාබද්ධ විපක්ෂය යෝජනා කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්නම් එය තමන්ට නියමානුකූල
ආකාරයෙන් පෙන්වා සිටින්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 14දා  විශ්වාස භංගයක් ඉදිරිපත් කල පක්ෂ නායකයන්ට ඊයේ රාත්‍රී කල දැනුම්දීම අනුව මෙවැනි යෝජනාවක් අද පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ දී සම්මත කළේ යැයි කියන විශ්වාසභංගය තමන් පිළිනොගන්නා බවත් ඒ වෙනුවට වෙනත් විශ්වාසභංගයක් ඉදිරිපත් කර විධිමත් ක්‍රමවේදයක් අනුව සම්මත කර ඉදිරිපත් කළහොත් කමන් එහිදී ව්‍යවස්ථානුකූල කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එම සාකච්ජාවේදී සඳහන් කර තිබේ.

නව විශ්වාසභංග යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම මන්ත්‍රීවරුන්ගේ නමින් සිදු කරන්නැයි ද ජනාධිපතිවරයා දන්වා ඇත.

මහින්ද අගමැති ලෙස පිළිගැනීම : කතානායකගේ ස්ථාවරය ?
කෙසේවෙතත් මෙම තත්ත්වය මත විශ්වාස භංගය විධිමත් ක්‍රමවේදයට ඉදිරිපත් කිරීමට නම් මුලින්ම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා බව පිලිගැනීමට කතානායකවරයාට සිදුවේ.

එසේ පිළිගැනීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුව ලෙස ද පිළිගැනීමට සිදුවන අතර සභා නායකවරයෙක්, ආණ්ඩුපක්ෂ සංවිධායකවරයෙක් මෙන්ම විපක්ෂනායකවරයෙක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් ආදී තනතුරුවලට පුද්ගලයන් පත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය වී ඇත.

කෙසේවුවද කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (15 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු ඇමැති මණ්‌ඩලය විසිරී ඇති බවයි.

නව අගමැතිවරයකු සහ ඇමැති මණ්‌ඩලයක්‌ පත්කරනතුරු කිසිදු මන්ත්‍රීවරයකු අගමැති, ඇමැතිවරයකු, රාජ්‍ය ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙසද, සභා නායක හෝ ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායකයකු ලෙසද තමන් පිළිගන්නේ නැතැයි ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

gossip lanka