gossip lanka

‘බහුතරය’ හදා ගන්න සොයන නිසා මන්ත්‍රිවරු හැංගෙති

බහුතරය සොයා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් සිදුකරන බලපෑම් හමුවේ මන්ත්‍රිවරුන් පිරිසක් සිය නිවාසවලින්ද ඉවත්ව ගොස් ජංගම දුරකථන පවා ක්‍රියා විරහිත කරගෙන සැඟවී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග  හෙළි කළේය.

මේ වනවිට එම මන්ත්‍රිවරුන්ට ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයේ
නියෝජිතයන් තම තමන්ගේ බහුතරය සොයා ගැනීම සඳහා පැමිණෙන ලෙස, විවිධ තනතුරු සහ වරප්‍රසාද ලබාදෙන බව පවසමින් දැඩිව බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එම්.එම්. සීනි ඉස්මයිල් මන්ත්‍රිවරයා සහ චන්ද්‍රාණි බණ්ඩාර මන්ත්‍රිවරිය ගැනද මේ වනවිට තොරතුරක් දැනගන්නට නැත.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂවල සියලුම මන්ත්‍රිවරුන් ඊයේ (7දා) රාත්‍රි මක්කම වන්දනා කිරීම සඳහා පිටත්ව ගොස් ඇත.

මෙම මන්ත්‍රිවරුන්ද මේ දිනවල පවතින දැඩි දේශපාලන අර්බුදය හමුවේ මානසික සුවය සඳහා මෙසේ වන්දනාවට පිටත්ව ගොස් ඇති බවද වාර්තා වේ.

- මව්බිම