දිගන සටන පිටුපස නාමල් සහ නාලක

ඉකුත් සමයේ තෙල්දෙණිය හා දිගන ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන්, මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ නැමැත්තා රට තුළ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට සැලසුම් කළ බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා අද (01) මාධ්‍ය මහුවේ අනාවරණය කළේය.

මේ අතර දිගන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර
නාමල් කුමාර ද සිටි බවත් පසුව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා විසින් ඔහු නිදහස් කළ බවත් අමිත් වීරසිංහ ඊයේ (31) මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.

අමිත් වීරසිංහගේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් නාමල් කුමාර කියා සිටියේ මෙම සිද්ධියේ දී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන්ව උපාය දූතයෙකු ලෙස යොදා ගත් බවයි.

මහනුවර දිගන ප‍්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 07ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අමිත් වීරසිංහ ඊයේ ඇප මත මුදා හැරුණි.

gossip lanka