gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණය: මහින්ද කොළඹින් -මර්වින් අනුරපුරයෙන් -තිස්ස නුවරින්

අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා බාරදීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුවේ) ප්‍රකාශකයකු පැවසිය.

ඒ හරහා එජාපයට බර කොළඹ දිස්ත්‍රීක්කය තුල බරපතල වෙනසක්
කිරීමට තම පක්ෂයට හැකිවනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුයේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙනි.

'වීර දුටුගැමුණු'

මේ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඔහුගේ 'වීර දුටුගැමුණු' සංවිධානයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ගොඩනගන පෙරමුණක පාර්ශවකරුවකු වීම සම්බන්ධයෙන් ද 'වීර දුටුගැමුණු' සංවිධානයේ අවධානය යොමුව ඇති බවත් එවැනි පුළුල් පෙරමුණක් ගොඩනැගෙන්නේ නම් මර්වින් සිල්වා මහතා එවැනි පෙරමුණක් යටතේ අනුරාධපුරයෙන් තරඟ කිරීමේ සුදානමක් ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

තිස්සට ජාතික ලැයිස්තුව දෙයිද ?

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, මෙවර මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පෙරමුණක් යටතේ මහනුවර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ඔහුගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ සඳහන් වුවද ඔහුට මන්ත්‍රී ධුරයක් හිමි නොවිය.

එජාපයේ මන්ත්‍රිවරුන් දෙදෙනා 'පොහොට්ටුවෙන්'

මේ අතර මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහාය පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන පක්‍ෂයකින්ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.

මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට එක් වූ ආනන්ද අලූත්ගමගේ මහතාගෙන් ඒ මේ සම්බන්ධයෙන්
කල විමසීමකදී ඔහු කියා සිටියේ, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රීක්කය සදහා තරග කරන බවයි.

අලුත් ආණ්ඩුවට එක්වූ පුත්තලම දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ද කියා සිටියේ, තමන්ද ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අඅගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ තරග වදින බවයි.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka