සරත් ෆොන්සේකා අමාත්‍යංශයේ වැඩ බාරගනියි !

සරත් ෆොන්සේකා මහතා ප්‍රාදේශිය සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගෙන ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ රජයේ වනජීවී අමාත්‍යවරයා ලෙස සිටි වසන්ත
සේනානායක මහතා ද එජාපයට සම්බන්ධවීමත් සමඟ අදාළ අමාත්‍යංශය හිස්ව තිබිණි.

එම ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ එස්.බී. නාවින්න මහතා වන අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එස්. වියාලේන්දිරන් මහතාය.

කෙසේවුවද, ෆොන්සේකා මහතාට එම අමාත්‍යංශය සතු මෝටර් රථ ද හිටපු ඇමතිවරුන් මේවන විට බාරදී ඇති බව ෆොන්සේකා මහතාගේ ප්‍රකාශකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.