gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'අලුත් ආණ්ඩුවට සහය දුන් කතා බොරු' - හකීම් කියයි

අළුතින් දිවුරුම් දුන් අගමැතිවරයා හට තමා මෙන්ම තමාගේ පක්ෂයේ සහයෝගයද ලබාදුන් බවට පළවන වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි.

''පාර්ලිමේන්තුව තුළදී ඔහුට බහුතරයේ සහය හිමි බව ඔප්පු වන තෙක් මෙම පත්වීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූල නොවන බවට
අපි සලකන්නෙමු.'' යයි හකීම් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.






































මුස්ලිම් පක්ෂ දෙකම එකම ස්ථාවරයක :

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කල විමසීමකදී එම ප්‍රකාශකයින් දෙදෙනෙකු කියා සිටියේ, තම පක්ෂ ජනාධිපති සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාව අනුමත නොකරන අතර අවබෝධතා ගිවිසුමක් ගැන සාකච්ඡාවක් හෝ නොකළ බවයි.

ජනාධිපතිවරයාගේ කැඳවීමක් අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රස් නායක බදුර්දීන් දෙදෙනා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ නමුත් මෛත්‍රී -මහින්ද ආණ්ඩුවට සහයෝග ලබා දීමට කිසිඳු ලෙසකින් එකඟ නොවූ බව එම ප්‍රකාශකයන් දෙදෙනා අවධාරණය කර සිටියේය.

මෙම පක්‍ෂ දෙක පාර්ලිමේන්තුවේ ආසන 12ක් නියෝජනය කරති.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka