"රැල්ලට බය නම් වැල්ලට එන්නෙත් නෑ අපි ලේ හොල්ලන්නෙත් නෑ" -හරීන්

සමනලයෙක් වෙන එකට වඩා කූඩැල්ලෙක් වෙන එක හොඳ බවත් රැල්ලට බය නම් වැල්ලට නොඑන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපිට සමනල්ලු කිව්වා. සමනලයෙක් වෙන එක හොඳයි කූඩැල්ලෙක්
වෙන එකට වඩා. සමනලයා මලෙන් රොන් බොන්නේ. කූඩැල්ලා ජනතාවගේ ලේ බොන්නේ. අපි එක්කෙනෙක්ගෙන්වත් ලේ හොල්ලන්නේ නෑ. අපි සටන ආරම්භ කළා. අගමැතිතුමාගෙන් ප්‍රශ්ණ අහන කොට ජනපතිට බනින්නේ නෑ. මේ මනුස්සයා හොඳ වැඩියි. එක්සත් ජතික පක්ෂය රටට හැමදේම ගෙනාපු පක්ෂය. රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ. සිරිසේන කෝ මේ සිරිසේන. ඇහැනවද මේ මේ අපේ බලයයි.”