ඊළඟ මැතිවරණයේදී විජයදාස ගැන ජනතාව තීරණයක් ගනිවී - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

විජයදාස රාජපක්ෂ මහතා පිළිබඳ එළඹෙන මැතිවරණයේදී ජනතාව තීන්දුවක් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

 මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ ඊයේ (29) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පෙරමුණේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට එක්වූ විජයදාස රාජපක්ෂ
මහතා යළි එක්සත් ජාතික පෙරමුණට එක්වීමට තීරණය කර තිබේ. ඊයේ (29) ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු සභාවාරයට පැමිණ සිටියේද විජයදාස රාජපක්ෂ මහතා පමණි.

එහිදී අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවේ බහුතරයේ විශ්වාසය ඇති කණ්ඩායමට ආණ්ඩුව පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දිය යුතු බවයි.

ඒ අනුව පසුව හෝ ඇත්ත තත්ත්වයට වැටහීම ගැන සතුටුවන බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියාසිටියේ.