gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති සහ අගමැති "රට රකින ජනමහිමය" ජනරැළිය අමඅමතා කී දේ

ජන මහිම රැළිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දක්වන අදහස්.

"අපි වෙන්වෙලා හිටියා නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන
රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා.

මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියනම් මේ දේ කරන්නේ නෑ කියලා මම එතුමට කිව්වා. මම නම් බැදගත්ත බෙරේ ගහනවා කිව්වා. අපිට වැඩ කරන්න අමාරු නෑ.

තාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්. සංවර්ධනය නැවත ආරම්භ කිරීම වෙනුවෙන්, රට ලෝකයේ අනෙකුත් රටවල් සමග එක්ව වැඩ කරන්න ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි එකට බැඳී සිටිනවා.

අද සියලු දෙනාම විශාල කැපවීමක් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට සහන සැලසීමටයි. ඉස්සරත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලේකම් ඉන්දැද්දී මම වචන දෙක තුනක් කතා කරලා ෂේප් වෙනවා. අදත් කරන්නේ ඒ දේමයි. මේ එකතුව ආයෙමත් කේලම් වලින් කඩන්න බෑ. අපි ස්ථාවරත්වයට ඇවිත් තිබෙනවා."

නොවැම්බරයත් මහ පුදුම මාසයක් - ජනපති මෛත්‍රී

ජන මහිම රැළිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වන
අදහස්.

මම සතුටුවෙනවා අවුරුදු හතරකට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාටත් මටත් එකම වේදිකාවකට එන්න ලැබීම ගැන. නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අපි එකම වේදිකාවකට ආවා.

රනිල්  වික්‍රමසිංහමහතාඅග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයටපත්කිරිමෙන් බලාපොරොත්තු වුණේ, පුටවට මාරු කළේ ශරීර දෙකක් නෙමෙයි.මේ මාරු වුණේ මිනිස්සු දෙන්නෙක් නෙමයි. මේ මාරු වුණේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දර්ශණයයි අපි පුටුවෙන් ඉවත් කළේ.

මේ පුටුවට පත්කළේ අපට රටට ගැළපෙන දේශයට ගැලපෙන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතායි. මේක පුළුල් පරමාර්තයක්. පුළුල් දැක්මක්. දේශපාලන වශයෙන් ගුණාත්මක භාවයක්. කළ යුතු දෙයක්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka