සනත් ජයසූරියට තවත් ලෙඩක් : බදු වංචා කරමින් ඉන්දියාවට නරක් වූ පුවක් යවලා

භාවිතයට නුසුදුසු පුවක් ඉන්දියාවට යැවිමේ ජාවාරමකට සම්බන්ධ බවට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසූරිය හට චෝදනා එල්ල වි ඇතැයි ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් පුවත් පත වාර්තා කරනවා. ඉන්දිය බුද්ධි අංශ උපුටා දක්වමින් අදාල පුවත්පත පවසන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් සනත් ජයසූරිය ඉන්දියාවේ මුම්බායි නුවරදි ප්‍රශ්ණ කිරීම් වලටද ලක්ව ඇති බවයි.

එසේම අදාල සිද්ධිය සම්බන්ධයෙන් දෙසැම්බර් මස
02වනදා තවත් ශිු ලංකා කිුකට් ක්‍රිඩකයින් දෙදෙනෙකුද ප්‍රශ්ණ කිරිම් සදහා කැඳවා ඇති අතර ඊට අදාල ලියකියවිලි ශ්‍රී ලංකා රජය වෙත යොමු කර ඇති බවද සදහන්. මේ සම්බන්ධ මෙහෙයුම් ඉන්දියාවේ නාග්පූර් හිදි සිදු කර ඇති අතර මොවුන් මෙම ජාවාරම සිදු කර ඇත්තේ ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර බවත් අධික ආනයන බදු වලින් මිදිම සදහා නිෂ්පාදන කටයුතු ශ්‍රී ලංකාවේදි සිදු කර ඇති බවත් අනාවරණ වි තිබෙනවා.

ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවට රැගෙන එන ප්‍රමිතියෙන් උසස් පුවක් සමහ මෙම පුවක් කලවම් කිරීම සිදුකර ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තමන්ගේ කිර්තිනාමය භාවිතා කරමින් ව්‍යාජ සමාගම් පිහිටුවමින් මෙම ජාවාරමේ නිරතවී ඇති බවයි ඉන්දීය ආදායම් බුද්ධි අංශය සදහන් කරන්නේ.

මේ අතර සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී කමිටුව මගින් ඉකුත් දා චෝදනා එල්ල කරනු ලැබුවා.