gossip lanka

ඒකාබද්ධය ඇමතිකම් නොගැනීමේ හේතුව මෙන්න !

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ඇමැතිකම් කිහිපයක් ලබාගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (01) ඉල්ලීමක් කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්‍ෂ යන
මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

මෙහිදී අගමැති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කර ඇත්තේ ආණ්‌ඩුවට එකතුවන මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාගැනීමේ අවස්‌ථාව ලබාදී පසුව ඇමැති තනතුරු ගැන අවධානය යොමු කළ හැකි බවත් ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය ඇමැතිකම් ලබාගැනීමට වඩා ආණ්‌ඩුව ශක්‌තිමත් කිරීම බවත්ය.

එහිදී නැවත ජනාධිපතිවරයා කියා ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමැතිකම් ලබා නොගතහොත් ජනතාව තුළ වැරදි මතයක්‌ ඇතිවිය හැකි බවයි.

මෙම හමුව සඳහා නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ ඇමැතිවරුන් සමඟ පක්‍ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් සමඟ ඩලස්‌ අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ද සහභාගි වී ඇත.
                     

හැකි තරම් ඉක්‌මණින් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවා ගැනීම තම අරමුණ බව මහින්ද කියයි 

හැකි තරම් ඉක්‌මණින් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවා රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදා ගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම තමා සමඟ සිටින දේශපාලන පක්‌ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වන බව ජනාධිපතිවරයා විසින් පත් කල අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණ.

මේ අතර ඊයේ (1දා) කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුයේ, අය - වැය පැරැදුණොත් ඉතාම ඉක්මනින් මැතිවරණයකට යා හැකි බවත් තමන්ටද අවශ්‍ය මැතිවරණයක් බැවින් නව ආණ්ඩුව ඉදිරිපත් කරන අය - වැය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකළොත් තමා ඉතාමත් කැමැත්තෙන් ඊට ආශීර්වාද කරන බවත් ය.

තම බලාපොරොත්තුව ඉක්මන් මැතිවරණයක් ලබාගෙන ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ජනතාවට සහන සැලැසීම බවද ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.