gossip lanka

ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක් වෙන්න බලයි

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමග එක්වන ලෙසට එහි නියෝජිතයින් කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ
(12) මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණට මෙම ආරාධනය සිදුකළා.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

"මුලින් හිටපු ස්ථාවරය වෙනස් කරලා එහෙම ආරාධනාවක් කරලා තියෙනවා නම් ඒ පිළිබඳව අපි සැළකිල්ලට ගන්න සූදානම්. ජවිපෙ කියන්නේ මහින්ද විරෝධී යූ.එන්.පී විරෝධී විකල්ප දේශපාලන කඳවුරක්."

කෙසේවෙතත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ එපාකම් මත කි‍්‍රයා නොකර වාමාංශික දේශපාලනයට පිවිස යුතු බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කළා.

gossip lanka