gossip lanka

කරු ජයසුරිය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

තමන් කතානායක ධුරයෙන් සමුගැනීමට තීරණය කල බව වත්මන් කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති
ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී මුණ ගැසුනු අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුව තුල ස්ථාවර තත්වයක් ඇති කර තමන් ධුරයෙන් සමුගන්නේ යයි ජයසුරිය මහතා එහිදී සදහන් කර ඇත.

නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේදී ලැබෙන සියළු පහසුකම් හා වරප්‍රසාද ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු එහිදී පවසා තිබේ.