'මේ ආණ්ඩුව යටතේ මැතිවරණයකට එන්නෙ නෑ' - කිරිඇල්ල

බහුතරය තිබෙනවා කියා පෙන්නුම් කරන්න යෝජනාවක් ගේන්නැයි ආණ්ඩු පක්ෂයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කලේය.
‘මහින්ද රාජපක්ෂ මහතාට අපි අවස්ථා දෙකක් දුන්නා පාර්ලිමේන්තුෙවි බහුතරය පෙන්වන්න. නමුත් ඔහු අවස්ථා දෙකෙන්ම ප‍්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඔහු නියම කීර්තිමත් පුද්ගලයෙක් නම් ඔහුට තිබෙන්නේ පාර්ලිමේන්තුෙවි බහුතරය පෙන්වන්න.

මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ ආණ්ඩුවට බහුතරය තිබෙනවා කියා පෙන්වන්න ඔවුන්ට යෝජනාවක් ගේන්න පුඑවන්. එම නිසා මම අභියෝග කරනවා ඔහුට බහුතරය තිබෙනවා කියා පෙන්නුම් කරන්න යෝජනාවක් ගේන්න. අපේ ඡුන්ද විමසීම් කඩාකප්පල් කරන්නේ නැතුව.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බය නැහැ. නමුත් අපි සූදානම් නැහැ හොර ආණ්ඩු යටතේ මැතිවරණ පවත්වන්න. නීත්‍යානුකූලව පත්වුණු ආණ්ඩුවක් යටතේ ඕනම අවස්ථාවක අපි මැතිවරණයකට සූදානම්.

– රජිත සමරසූරිය
gossip lanka