මහරගම ගණිකා ගැටුමකට චණ්ඩියෙක් පාත්වෙයි

මහරගම නගර මධ්‍යයෙහි පිහිටි ප්‍රධාන බස් නැවතුමේ බෝගස අසල බහුලව ගැවසෙන වීථි ගණිකාවන් අතර පෙරේදා (18දා) ඇති වූ ගැටුමක් ඇතිව තිබේ.

එහිදී එක් තරුණියක් වටකරගෙන තවත් තරුණියන් පිරිසක් විසින් පහර දී ඇති අතර බස් නැවතුම්පොළ අසල මගීන් මෙන්ම
බස් සේවකයන්ද එය බලා සිටියා මිස කිසිවකු ඊට මැදිහත්වත් වී නැත.

ඉන් පැයකට පමණ පසුව ත්‍රිරෝද රථයකින් පහර කෑමට ලක්වූ කාන්තාවද රැගෙන සිද්ධියවූ ස්ථානයට පැමිණි තරුණයකු විසින් පහරදුන් තරුණියන් අතර සිටි එක් තරුණියකට අමානුෂික ලෙස පහරදී ඇති අතර එහිදී ඇගෙන් රුධිරය වහනය වීමක්ද සිදුව තිබේ. ඉන්පසු ඔහු එම ස්ථානයේ පිහිටි පාසලක තාප්පය අසල රැඳී සිටි ගණිකා වෘත්තියේ යෙදෙන තවත් තරුණියන් කිහිප දෙනකුටද පහරදී ඇත.

අනතුරුව එකී පුද්ලගයා පෞද්ගලික පන්තියක් නිමාවී නිවෙසට යමින් සිටි තරුණ තරුණියන් පිරිසක් අසලට ගොස් ,

"මේ ගෑනු ඔක්කොම ඇඟ විකුණලා ජීවත් වෙන්නේ. මුන් මෙතෙනට අලුත් එකෙක් ආවම ඒකි ළඟට කස්ටමස්ලා වැඩියෙන් ඇදිලා යනවට අකැමැතියි. එහෙම ඒකීට මුන් ඊර්ෂ්‍යා කරනවා. අද පරණ උන් ඔක්කොම සෙට් වෙලා මේ කෙල්ලට ගහලා. වැඩේ වැරදියිනේ. උන් වගේම මෙයත් ජීවත් වෙන්න කීයක් හරි මෙතැන ඉඳන් හම්බ කරන්න ඕනෙ නේ. ඒකයි මං කේස් එකට අත දැම්මේ යැයි උස් හඬින් පවසා ඇත.

එහිදී මෙම සිද්ධිය සියැසින් දුටු රජයේ සේවකයෙක් මේ බව මහරගම පොලිසි දැන්වුවද පොලිසිය පැමිණ ඇත්තේ පැයකට පසුවය.

මේ පිළිබඳ බස් නැවතුමේ සිටි මගීන් මෙන්ම බස් සේවිකයන්ද පැවැසුවේ මහරගම ප්‍රධාන බස් නැවතුම මාස කිහිපයක සිට වීථි ගණිකාවන්ගේ තිප්පොළක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතින බවයි. මොවුන් පිටුපස පාතාලයට සම්බන්ධ පුද්ගලයන් හා ප්‍රදේශයේ දේශපාලකයන් සිටිනා බැවින්, මෙම කාන්තාවන් විළි බියකින් තොරව පාරිභෝගිකයන් එකිනෙකා ඩැහැගැනීමට තරගයක යෙදී සිටින බවද ඔවුහු කියා සිටී.

තවද මහරගම නගරයට එන යන පාසල් සිසුන්ද මෙම ගණිකාවන්ගේ පාරිභෝගිකයන් බවට පත්ව ඇති බවත්, පොලිසිය මේ පිළිබඳව සොයා නොබලන බවත් ඔවුන් පවසයි.