මෛත්‍රීගේ අත අත්හැර මහින්ද පොහොට්ටුවට සෙට්වෙයි !

මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ඒ ඒ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේදීය.

ඒ මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 42 ක් ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරනු ලැබුවේ 2016 වසරේදීය. එහි නිල නොවන සංවිධායකයා ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මහින්ද මහතාගේ සොයුරු බැසිල් රාජපක්ෂ මහතාය.

මීට පෙර එම පක්ෂයේ සාමාජිකත්වය මහින්ද මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ද ලබා ගත්තේය.

ඉකුත් මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිධූරය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරගවැදී පාර්ලිමේන්තුවට පිවිසියේය.