මහින්දට අගමැතිකම අහිමිවෙයි ද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහිව අද දින ගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිතයි.

ඒ ඊයේ ජනාධිපතිවරයා සමග විපක්ෂ නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉල්ලීමට
අනුවයි.

මේ අනුව අද දින පැවැත්වෙන ඡන්ද විමසීමේ දී මහින්ද රාජපක්ෂට විරුද්ධව බහුතරය ලැබෙනු ඇති බවටයි මත පළව ඇත්තේ.

පසුගිය දා පැවැති පෙරේදා පැවැති විශ්වාසභංග ඡන්ද විමසුමේදී ද බහුතරය මහින්ද රාජපක්ෂට විරුද්ධව ලැබුණු බවට කතානායක ප්‍රකාශ කළ අතර එම විශ්වාසභංගයට පක්ෂව අත්සන් 120කටත් වඩා ලැබූ තිබුණා.

අද දිනයේදීත් පෙරේදා අත්සන් තැබූ පිරිස හෝ ඊට ආසන්න ගණනක් මහින්ද රාජපක්ෂට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළහොත් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය අත්හැරීමට සිදුවනු ඇති.

කෙසේ වෙතත් අද දින ඡන්ද විමසීම නාමිකව සිදුකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර බහුතරයට හිස නමන ලෙසට ඔහු සියළු පාර්ශවවලට දැනුම් දී තිබෙනවා.

යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයක් තමා නොගන්නා බවට සහතික වී ඇති ජනාධිපතිවරයා, මෙම ගැටළුව පාර්ලිමේන්තු බහුතරය මගින් විසඳා ගැනීමට ද එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව බහුතර බලය ඇත්තේ කාටදැයි විමසා බැලීම සඳහා අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වූවා.

මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ යි.

විශ්වාසභංගයට සහය දෙන බවට අත්සන් තැබූ පක්ෂවල නියෝජිතයින් තමා සමග පැවැත්වූ සාකච්ඡාවේ දී මතුවූ කරුණු පිළිබඳව මෙහි දී ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම අද දින පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන්නේ කුමනාකාරයෙන්ද යන්න පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එපමණක් නොව පසුගිය දා බිහි වූ නව ආණ්ඩුවේ මෙහෙයුම් කමිටුව ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේ රැස් වී තිබෙනවා.

මේ අතර විශ්වාසභංගයට සහය පළ කළ පක්ෂ නියෝජිතයින් වෙත ජනාධිපතිවරයා ඊයේ ලබාදී ඇති පොරොන්දු පිළිගන්නේදැයි ජනතා නිදහස් සන්ධානයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමක දී එම සන්ධානය නියෝජනය කරන අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසා ඇත්තේ සිය පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි.

ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග මොනවාදැයි විමසූ විට ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්නේ කුමටද යනුවෙන්.