ජනපති සහ සජිත් අතර සාකච්ඡාව කල්යයි - ජනපති ලේකම් කාර්යාලයට ගිය එජාප නියෝජිතයින් හැරී එයි

පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් ගොස් ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගොස් ඇති බවයි. එහෙත්, ජනාධිපතිවරයා
කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එම නියෝජිතයින් ආපසු හැරී ආ බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේ. බොහෝ දුරට හෙට දිනයේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර නෙත් නිවුස් කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි එම නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබුණේ.