gossip lanka

'රනිල් වෙනුවට සජිත් පත් කරගන්න' - ජනපති එජාපයට කියයි !

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය එකඟවන්නේ නම් තමා යලි අගමැති ධුරය සම්බන්ධයෙන් සලකා බැලීමට සුදානම් බව ජනාධිපතිවරයා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම දැනුම් දී ඇතැයි එජාපයේ තරුණ මන්ත්‍රීවරයකු  පැවසිය.

තමා විසින් ගත් පියවර පසුපසට ගැනීමට කිසිඳු විටෙක සුදානම් නැති බව අවධාරණය කර ඇති
ජනාධිපතිවරයා, 113 බහුතර බලයක් පෙන්නුවද තමා මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාට යලි අගමැතිකම දීමට සුදානම් නැති බවද සඳහන් කර ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

'113 සම්පූර්ණයි. රිගින් ටෝන් එකට දාගන්න' - ජනපති කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අමතමින් ද කියා සිටියේ, ඉදිරියට තැබූ පියවර තමන් කිසිසේත්ම පසුපසට නොගන්නා බවයි.

ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට වන්නේ නැතැයිද ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන කිසිදු ප්‍රශ්නයක් තබා නොගන්නා ලෙසත් අවශ්‍ය විටකදී එය පෙන්වීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.

අවශ්‍ය නම් දුරකතනයේ ‘රිගින් ටෝන්’ එකක් ලෙසද ‘113 සම්පූර්ණයි’ ලෙස දමා ගන්නා ලෙසද ජනාධිපතිවරයා තවදුරටත් එහිදී පැවසීය.

මෙම හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සහභාගී වීම විශේෂත්වයකි.

මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බවයි.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”

එසේම පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවිය යුතු බවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බවත් ඔහු පවසයි.

“ ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ” යයි එජාප නායකයා කියා සිටියි.