අගමැති පත්කරන්නේ මම බහුතරය අවශ්‍ය නෑ - ජනපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි තමා විසින් අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී තමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට විධිවිධාන ඇතිමුත්, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු
සම්ප්‍රදායක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටී.

ජනපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත්තේ ඊයේ (14) පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් විස්තර දන්වමින් ජනාධිපතිවරයාට යොමුකර තිබූ ලිපියට පිළිතුරු ලෙසිනි.

අදාල සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.